Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

මෙරට ක්‍රීඩාවන්ට චීනයෙන් සහාය

චීන තානාපති චී ජෙංහොංග් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ද සහභාගී විය.

වත්මන් රජයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය වරයාට සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාට සුබ පැතුම් එක්කල චීන තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය. එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම හමුවේ දී වැඩි දුරටත් සාකච්ඡා විය.

තවදුරටත් අදහස් දක්වමින් චීන තානාපති චී ජෙංහොංග් පැවසුවේ, ඉදිරියේ දී මෙරට Tai Chi සහ Dragon boarding යන ක්‍රීඩා ස්ථාපිත කිරීම සහ සංවර්ධනය කිරීමට වෙනුවෙන් ද තම රජයේ සහයෝගය ලබා දෙන බව‍යි.