දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තුවක්

දේශබන්දු තෙන්නකෝන්ට  විවෘත වරෙන්තුවක්

අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් බී. ඒ. අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස  අද (11) නියෝග කළේය.

දේශබන්දු තෙන්නකෝන්  අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනි දා වරෙන්තු නිකුත් කළේ ය.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර අදට දින 13කි.

අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය.

මෙවන් පසුබිමක තමන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥයින් ගොනුකළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු 12 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (10) නියෝග කළේය.

කෙසේවෙතත් අදාළ පෙත්සම සලකා බැලුණු අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥයින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ කෙටි අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටියත් අභියාචනාධිකරණය එවැනි නියෝගයක් නිකුත් නොකළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න