Language Switcher

Ad

Ad 01

V2025

දිවයිනේ වායුගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවක්

ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, මඩකලපුව සහ අනුරාධපුර යන නගරවල ඊයේ (09) වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පවතින කාලගුණික තත්ත්වය මත අද වායුගුණ තත්ත්ව දර්ශකය 40ත් – 64ත් අතර අගයක දිනය පුරාම පැවතිය හැකි බවයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමකත් යාපනය, වවුනියාව, කෑගල්ල, නුවරඑළිය, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව, පොළොන්නරුව සහ මොණරාගල යන නගරවල යහපත් මට්ටමකත් පැවතිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.