තමා අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කළේ ය.
ඒ, ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් ය.
එම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලීම සඳහා කැඳවනු ලැබුවේ ය.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, වග උත්තරකරුවන්ට නොතිසි ලබා දීමෙන් අනතුරුව සළකා බැලීම සඳහා ලබන 12 වැනිදා පෙත්සම කැඳවන ලෙසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
