කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජානකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජානකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

සිය නිවසේදී සිදුවූ අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

පොලීසිය පැවසුවේ, සිය පුත්‍රයාට අයත් මෝටර් රථය පන ගැන්වීමට නොහැකි වීම හේතුවෙන් එහි ඉදිරිපස රෝදයට තබා තිබූ ගලක් ඉවත් කිරීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය හා පුත්‍රයාගේ බිරිඳ ඊයේ(07) දහවල් උත්සාහ කර ඇති බවයි.

බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ රථය එම අවස්ථාවේ ඉදිරියට ගමන් කර ඇති අතර එහිදී ඇය ඊට යටවී තිබේ.

බරපතළ තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

59 හැවිරිදි වියේ පසුවන ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන රැසක් සිදුකර ඇති ජානකී ජයවර්ධන මහත්මිය සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න