ළමුන් සඳහා ශාරීරික දඬුවම් තහනම් කිරීමට පනතක්

ළමුන් සඳහා ශාරීරික දඬුවම් තහනම් කිරීමට පනතක්

ළමුන්ට ශාරීරික දඬුවම් තහනම් කරන නීතියක් කඩිනමින් සම්මත කරන බව ශ්‍රී ලංකාවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී පැවසීය.

“දඬුවම් දරුවෙකුගේ වර්ධනයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. ප්‍රචණ්ඩත්වයෙන් ගැටළු විසඳිය හැකි බව දරුවන් විශ්වාස කරන්නේ නම්, ඔවුන් එම විශ්වාසය වැඩිහිටිභාවයට ගෙන යනු ඇත. සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බොහෝ දෙනෙක් බිඳුණු පවුල්වලින් පැමිණෙති,” අමාත්‍යවරයා පැවසීය. “බිඳුණු දරුවෙකු නිවැරදි කිරීම පහසුය, නමුත් බිඳුණු වැඩිහිටියෙකු නොවේ,” "අපි දන්නවා නීති පද්ධතියක් තිබිය යුතුයි. කාන්තාවගේ ආරක්ෂාවට එය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වියයුතුයි. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවී නීතියෙන් විතරක් කොළවල ලියලා මේ අයිතිය තහවුරු කරන්න පුළුවන්ද ? මේ ආකල්ප හැදෙන්න කොයි කාලෙද ? ළමා කාලේ. එතකොට ළමයාගේ ආකල්ප වර්ධනය වෙන්නේ කොහොමද ? ඔහු පරිසරයේ දකින දේවල් අනුව. එහෙම නම් කාන්තාවට ආරක්ෂිතව ඉන්න, කාන්තාවට ගරුසරු ඇතිකරන සමාජයක් බිහිවෙන්න නම් ඒක ආරම්භ වෙන්නේ ගෙදරින්. එහෙමනම් නීතිරීතිත් හදමු, ව්‍යවස්ථාත් හදමු නමුත් මම හිතනවා සෑම අම්මා කෙනෙක්මට, තාත්තා කෙනෙක්ටම තමන්ගේ පිරිමි ළමයාට ඉගැන්නුවානම් කාන්තාවට ගරුකකරන්න පොඩිකාලයේදී මම හිතන්නේ පරම්පරාවක් දෙකක් වැඩිහිටියෝ වෙනකොට කාන්තාවගේ ආරක්ෂාවට නීතිවෙනුවෙට සමාජයේ පිරිමි ඉදිරිපත්වෙන සමාජයක් ඉදිරයේදී නිර්මාණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන්ට හානිකර හානි කර කායික දඬුවම් තහනම් කරන්නට අවශ්‍ය වෙනවා මෙන්න මේ කායික දඬුවම් තහනම් කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීමේදී මා කියන්නට ඕනේ ඒ සම්බන්ධයෙන් පනතක් නිර්මාණය වෙලා තියෙනවා එය පාර්ලිමේන්තුවට හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ ඇමතිවරයා විදිහට මා පියවර ගන්නවා." ඔහු තවදුරටත් පැවසීය.

කාන්තාවන් සමාජයට දක්වන දායකත්වයේ වැදගත්කම ද ඔහු අවධාරණය කළ අතර, ඔවුන්ගේ කාර්යභාරය හඳුනා ගැනීමට එක් දින විවාදයක් ප්‍රමාණවත් නොවන බව පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න