ශ්‍රී ලංකාවේ ආර්ථික ජයග්‍රහණ පිළිබඳව IMF ප්‍රධානියාගෙන් ජනපතිට සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ ආර්ථික ජයග්‍රහණ පිළිබඳව IMF ප්‍රධානියාගෙන් ජනපතිට සුබ පැතුම්

ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ආර්ථික ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.

ජනාධිපති අනුර දිසානායක මහතා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වූ හමුව ගැන සිය ‘X’ ගිණුමේ සටහනක් තබමන් ඇය මේ බව පවසා තිබේ.

එහි ඇය වැඩිදුරටත් දක්වා ඇත්තේ, ආයෝජන ආකර්ෂණය කරගැනීම හා ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා ජනාධිපවරයා සමග සාකච්ඡා කළ බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඇය සිය ‘X’ ගිණුමේ සටහන් කර ඇත.

සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ රට තුළ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට ඉතා වැදගත් බව ඇය වැඩිදුරටත් සදහන් කර ති‌බේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න