ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ඒ, පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.
පොලිස් මූලස්ථානය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.එම්.කේ.ඩී පලිස්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී බී මැදවල ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිට විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.
මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ ඒ එදිරිමාන්න මහතා ස්ථාන මාරු කර ඇත්තේ ගාල්ල කොට්ඨාසය භාර නිලධාරියා ලෙසයි.
කේ ජී පී බී සමරපාල, එස් එම් කේ සී තිලකරත්න,පි ජි දර්ශන, එල්.ඒ.ඩි රත්නවීර, කේ.එන් ගුණවර්ධන මහත්වරුන් ස්ථාන මාරු කළ සෙසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
