ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින්ට විශේෂ නියෝගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින්ට විශේෂ නියෝගයක්

යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන බලපත්‍ර රෙජිමේන්තුව බාරයේ තබන ලෙස යුද හමුදා මූලස්ථානය සියලු රෙජිමේන්තු බාර අණ දෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ  පවසයි.

එ් විදෙස් පුහුණුවීම් සහ සාම සාධක බළකා රාජකාරී කටයුතු කඩිනමින් සිදුකිරීම සදහා බව පැවසේ.

යුද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත රෙජිමේන්තුව සන්තකයේ තබාගැනීමේදී යම් අපරාධයකට සම්බන්ධ සෙබළුන්ට විදෙස්ගතවීමේ හැකියාව ද අවහිර වන බව ගමගේ  තවදුරටත් පැවසීය.

එමෙන්ම බොහෝ යුද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අස්ථානගතවී ඇති අතර එවැනි විදෙස් ගමන් බලපත්‍ර තෙවන පාර්ශවයක් අතට යෑමේ අවධානම ද අවම වන බව වරුණ ගමගේ  පෙන්වා දෙයි.

බොහෝ සෙබළුන් දුර පළාත්වල රාජකාරී සිදුකරන අතර හදිසියේ විදෙස් පුහුණුවීම්වලට යැවීමේදී හා සාමා සාධක බළකා සදහා විදෙස් ගත කිරීමේදී ඇති වන ගැටලු කාරී තත්ත්ව වළක්වා ගැනීම සදහා මෙම ක්‍රමවේදය ආරම්භ කර ඇති අතර එම විදෙස් ගමන් බලපත ආරක්ෂිතව සහ සුරක්ෂිතව තබාගැනීමට රෙජිමේන්තු අණ දෙන නිලධාරීන්ගේ වගකීම වන බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සෙබළුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවක් මත ඕනෑම අවස්ථාවකදී එම විදෙස්ගමන් බලපත්‍රය ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය පරිදි ලබාගත හැකි බවද බ්‍රිගේඩියර් වරුණ ගමගේ  තවදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න