Language Switcher

Ad

Ad 01

V2025

රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු දීම තාවකාලිකව අත්හිටුවයි

මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත  පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, එම ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඒ පියවර ගත් බවයි.

සමාජ සංරක්ෂණය, සුරක්ෂිතභාවය හා පවුල්වල පැවැත්ම සැළකිල්ලට ගනිමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.