රජරට සරසවියට නව කුලපතිවරයෙක්

රජරට සරසවියට නව කුලපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා ආචාර්ය පුජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කර ඇත.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත් වූ ආචාර්ය පුජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ හරන්කහව, මොලගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරයි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ධූරයද දරනු ලබන උන්වහන්සේ හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයද හොබවා ඇත.

පුජ්‍ය දෙනිකේ ආනන්ද, පුජ්‍ය කරගස්වැව වජිර, පුජ්‍ය විතාරන්දෙණියේ නන්ද යන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර පත්වීම් ලිපිය පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිස සමඟ සුහද සාකච්ඡාවක්ද පවත්වා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න