සංචාරක ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා දෙවැනි සහ අවසන් එක්දින තරගයේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.
ඒ ලකුණු 174කින් ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 04 ක් දැවී ලකූණු 281 ක් ලබා ගැනීමට සමත් විය.
කුසල් මෙන්ඩිස් ලකුණු 101ක් රැස් කළ අතර නායක චරිත් අසලංක ලකුණු 78ක් සහ නිශාන් මදුෂ්ක ලකුණු 51ක් රැස් කළේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 24.2කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 107 ක් පමණි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 03 ක්, දුනිත් වෙල්ලාලගේ කඩුුලු 04 ක් හා වනිඳු හසරංග කඩුලු 03 ක් බිඳ හෙළීමට සමත් විය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
