Language Switcher

Ad

Ad 01

V2025

හොරණ කර්මාන්ත ශාලාවක ගින්නක්

හොරණ බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කුරුඳු සැකසුම් කර්මාන්තශාලාවක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

මේ වනවිට ගින්න කර්මාන්තශාලාවේ විශාල ප්‍රදේශයක් පුරා ගින්න පැතිරගොස් ඇති අතර ඒ අවට කලාපය කළු දුමාරයෙන් වැසී ගොස් ඇත.

අප වාර්තාකරු පැවසූවේ ගින්න පාලනය කිරීම සඳහා දැනටමත් කටයුතු සිදුවෙමින් පවතින නමුත් ගින්න අසල ගොඩනැඟිලි වෙත පැතිරයෑමේ අවධානමක් පවතින බවයි.

ගින්න පස්වරු 5.15ට පමණ ආරම්භවී ඇති අතර හොරණ සහ වගවත්ත ගිණි නිවීම් නිලධාරීන් මේ වනවිට ගින්න පාළනය කරමින් සිටිනා බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැත.