රවීගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව සම්මතයි

රවීගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක විසිනි.

යෝජනාව පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරු සිවු දෙනෙක් අදහස් දැක්වූහ.

එහිදී අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේ, යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙය සමාජයේ ද්‍රෝහි කමක් බවට පත් කර ඇති බවය.

මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බවත් මේ හේතුවෙන් නැවත එය යතාතත්ත්වයට පත් කිරීමට තමන් මෙම යෝජනාව ගෙන ආ බවය.

මේ අවස්ථාවේදී ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බැවින් අවශ්‍ය වන්නේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

"මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒ තියන සමාජ විරෝධය නැති කරන්න. අපි මේක වෙනස් කළේ නැත්නම් මේක නිකං නගරසභාව බවට පත් වේවී. ඒක රටට අහිතකර තත්ත්වයක් බවට තමයි පෙනුනේ ගිය අවුරුදු කීපය තුළ. අලුතින් දේශපාලන සංස්කෘතියක් බිහිකරමින් යන අවස්ථාවක අපි සියලු දෙනාම ඒකරාශි වෙලා මේ ඉල්ලීම කරන්නේ අපි අපිටම ප්‍රශ්නයක් ඇති කරගන්නවාද නැත්නම් සමාජය තුළ අපි ගැන තියෙන විශ්වාසය තව වැඩිකරනවාද කියන චේතනාවෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ."

''යෝජනාවට අපේ කණ්ඩායම උපරිම සහාය දෙනවා''

විවාදයේ පිළිතුරු කතාව කරනු ලැබු අගමැතිනී හරිනි අමරසූරිය මෙසේද පැවසුවාය.

''මේ යෝජනාව ආපු වෙලාවේ මම සතුටට පත්වුණා. මොකද විපක්ෂයේ අයත් අපි කතා කරන වෙනසත් ජනතාව ඉල්ලන වෙනසත් තේරුම් ගෙන ඒ භාෂාවම කතා කරන්න පටන් ගත්තු එකට. එහෙත් විපක්ෂයේ සමහර අය මේ වැදගත් යෝජනාවේ හරය තේරුම් නොගෙන මෙතන වෙන දේවල් කතා කළා. ඒ ගැන මම කණගාටු වෙනවා. යෝජනාවට අපේ කණ්ඩායම උපරිම සහාය දෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න