Language Switcher

Ad

Ad 01

V2025

ඩයනාට වරෙන්තු

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි  මෙම නියෝගය නිකුත් කළාය.

ආගමන හා විගමන පනත යටතේ ගැනෙන චෝදනාවලට ඩයනා ගමගේ ට එරෙහිව ඇති නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී ඇය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කිරීම සිදු කරන ලදී.