පැමිණිලි ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග

පැමිණිලි ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන අයගෙන් පැමිණිලි භාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය  පවසයි.

පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව පැමිණිලි භාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකි බව වැඩබලන පොලිස්පතිවරයා චක්‍රලේඛයකින් දන්වා තිබේ.

මෙලෙස පැමිණිලි ප්‍රතික්ෂේප කරන බවට තමා වෙත ලිඛිතව සහ වාචිකව තොරතුරු ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියත්න වීරසුරීය පවසයි.

ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස පොලිස් ස්ථාන භාර නිලධාරීන් සහ සෙසු නිලධරයන් විවිධ කරුණු ඉදිරිපත් කරන බවද සිය චක්‍රලේඛයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි සටහන් කිරිම සහ විමර්ශනය කිරීම පොලිස් නිලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් බව ද එහි සඳහන් ය.

මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත ලැබෙන කිසිඳු පැමිණිල්ලක් බාර නොගෙන ප්‍රතික්ෂේප කළ නොහැකි බව වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න