Language Switcher

Ad

Ad 01

V2025

ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවැනියා වූ ඉෂාදි දිවයිනට

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි දෙවන ස්ථානය දිනා ගෙන එම තරගාවලියේ අනූශූරතාවය හිමි කර ගත් ඉෂාදි අමන්දා අද (04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලිය ඉකුත් 01/30 දින ලෝකයේ රටවල් 40 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

ඉෂාදි අමන්දා ගේ දෙමාපියන් , සැමියා සහ දියණිය ප්‍රංශයේ පදිංචි වී සිටිති.

ඉෂාදි අමන්දා සහභාගී වූ මෙම තරගාවලිය පිළිබඳ ඇයට අමතරව , ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරු ද , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ සුභාෂිණි පෙරේරා , එහි සහකාර අධ්‍යක්ෂ සුරේෂණී පිළපිටිය ඇතුළු මෙම ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .