නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 285කට විශේෂ රාජ්‍ය සමාව

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 285කට විශේෂ රාජ්‍ය සමාව

77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන්  (04) හෙට සිරකරුවන් 285 දෙනකුට විශේෂ රාජ්‍ය සමාව හිමිවී ඇත.

මෙයින් 06 දෙනකු කාන්තාවන් වේ.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ පොදු සමාව හිමිවී තිබේ.

සුළු වරද සම්බන්ධයෙන් සිරගත කළ සිරකරුවන් මෙම නිදහසට හිමිකම් කියන බවත් හෙට දින වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් ඒනම් 33 දෙනකු නිදහස ලබන්නේ වාරියපොළ බන්ධනාගාරයෙන් බවත් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී.බී.දිසානායක  පැවසීය.

මෙරට බන්ධනාගාර ආයතන 29 කින් මෙම සිරකරුවන් සහ සිරකාරියන් 285 දෙනා හෙටනිදහස් දිනයදා නිදහස ලබා පිටව යාමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න