Language Switcher

Ad

Ad 01

V2025

ප්‍රකට ව්‍යාපාරික කෙන් බාලේන්ද්‍රත් අභාවප්‍රාප්ත වෙයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.

කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි ව්‍යාපාරික නායකයෙකි.

ජෝන් කීල්ස් සමූහයේ සභාපතිත්වය දරන වකවානුවේ දී එහි පාලිත සමාගම් සියල්ලගේම සභාපතිවරයා ලෙසින් කෙන් බාලේන්ද්‍ර මහතා කටයුතු කළ අතර ඊට අමතර ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්ම අධ්‍යක්ෂ ධූර ද හොබවා ඇති බාලනේද්‍ර මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු (1998 – 2000) ද වේ.

යාපනයේ, ඉනුවිල් රෝහලේ දී උපත ලද කෙන් බාලේන්ද්‍ර මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ අතර ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

කෙන් බාලේන්ද්‍ර පාසල් කාලයේ සිටම රග්බි ක්‍රීඩාවට දස්කම් දැක්වූ අයෙකි.