ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි මහ සමුළුවට සහභාගීවීමේ අපේක්ෂාවෙන් 20 දෙනකුගෙන් යුත් ලැයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කර ඇතත් එය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර සංශෝධනය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අමාත්‍යවරයා විසින් යවනු ලැබූ 20 දෙනාගේ ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් 14 කට අඩුකර ඇති අතර ඒ, තමා සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ කාලයේදීවත් මෙතරම් විශාල පිරිසක් ජිනීවා සමුළුවට එකවර ගෙන ගොස් නැතැයි පවසමින් බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
ජිනීවා වෙත යැවීම සඳහා අමාත්‍යවරයා ඉදිරිපත් කල ලයිස්තුවට ඇතුළත්ව සිට ඇත්තේ සෞඛ්‍ය පරිපාලනයට සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් පිරිසකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජිනීවා සමුළුව අද (21) ඇරැඹෙන අතර එය මැයි 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මේ සමුළුවට සහභාගිවීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ද පෙරේදා (19) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
