ජනාධිපති ආරක්ෂක නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරකට පත් වෙයි

ජනාධිපති ආරක්ෂක නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරකට පත් වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අද (1) අළුයම 1ට පමණ අනතුරකට ලක්වී සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවට තලාව පොලීසිය පවසයි.

ඊයේ (31) යාපනයේ පැවති උත්සවයකට සහභාගි වී නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ඒ අනුව අනතුරින් තුවාල ලැබූවන් ඔවුන් සමග පැමිණි වෙනත් වාහනයකින් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග පවසයි.

තුවාලකරුවන්ගෙන් රියදුරු ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බවත්, අනෙකුත් අයට ශ්‍රී ලංකා පොලීසියට අනියුක්තවය සේවය කරන ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බව වාර්තා වේ.

රියැදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලීසිය සැක කරයි.

අනතුර සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න