පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

පූර්ව ළමා විය සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ සාකච්ඡාවල මූලික වටය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේදී පැවැත්වුණි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ද සහාය මේ සදහා සහභාගී කර ගන්නා ලදී.

රටපුරා දැනට ක්‍රියාත්මක පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සියල්ල ඒකාබද්ධකරමින් එකම ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව මෙහිදී අවධාරණය කර ඇති අතර, මේ සඳහා එකම ප්‍රතිපත්තියක් ගෙන ඒමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු සම්පාදනය කරන ලෙසට අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම පොදු ප්‍රතිපත්තිය මධ්‍යම රජයට මෙන්ම සියලු පළාත්වලටද අදාළ විය යුතු අතර, පූර්ව ළමාවිය සංවර්ධනයට අදාළ ගුරු මාර්ගෝපදේශන බඳවාගැනීමේ විභාග, වැටුප්, පුහුණුව ආදි සියල්ල නව මාර්ගෝපදේශයට ඇතුළත් විය යුතු බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න