බස්නාහිර ආණ්ඩුකාර හනිෆ්ගෙන් CIDයට පැමිණිල්ලක්

බස්නාහිර ආණ්ඩුකාර හනිෆ්ගෙන් CIDයට පැමිණිල්ලක්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

හනීෆ් යූසුෆ් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි පවසන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් ඔහු ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් ඍජුව සහ වක්‍රව එල්ල කොට ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමිනි.

ඉකුත් දින කිහිපය තුළ එලෙස පදනම් විරහිතව සහ සිය කීර්ති නාමයට කැළලක් ඇති වන ලෙස ඇතැම් දේශපාලඥයින් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවලදීත්, ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍යය තුළත් සමාජගත කර තිබූ තොරතුරද ආණ්ඩුකාරවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු දී ඇත.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ ඔහු: මේ එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදු කර තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව පැවසී ය.

තමන්ට අවශ්‍ය වන්නේ වැඩක් කිරීමට බවත්, පරාජිත කණ්ඩායම් විසින් කරනු ලබන චෝදනා හෙලා දකින බවත්, ආණ්ඩුකාරවරයා පැවසී ය.

cdfye56

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න