විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් යාපනයේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් ඇප මත මුදාහැර තිබේ.
රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.
ඒ අනුව මෙම නඩුව පෙබරවාරි මස 03 වනදා යළි කැඳවීමට නියමිතය.
මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මෙම මස ඉකුත් 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුළ බවට තොරතුරු වාර්තා විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
