වැඩි මිලට සහල් අලෙවි කළ වෙළදුන් සොයයි

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළදුන් සොයයි

දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ අද (28) දිනයේදී මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් මහනුවර නගරය සහ අවට ප්‍රදේශ ඇතුළු මාවනැල්ල,පේරාදෙණිය, ගෙලිඔය, ගම්පොල, උදුපුස්සලාව, නාවලපිටිය, උලපනේ, තැන්නේ කුඹුර, කුණ්ඩසාලේ, දිගන, කඩුගන්නාව යන ප්‍රදේශ ආවරණය කරමින් වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන් සොයා අතිරේක කණ්ඩායම් 05ක් ද යොදවා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කළ බවය.

එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ සමාගම් දෙකක් ඇතුළු වෙළදුන් 25 දෙනෙකු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට එම අධිකාරිය කටයුතු කර ඇත.

පසුගිය දිනවල පමණක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සහල් වැඩි මිලට අලෙවි කල වෙළදුන් 170 කට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදුකළ අතර අද දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වල දී වැඩි මිලට සහල් අලෙවිකළ පිටකොටුව ප්‍රදේශයේ සමාගමක් වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 750,000.00 ක දඩ මුදලක් සහ පිටකොටුව ප්‍රදේශයේ තනි පුද්ගල ව්‍යාපාර 3ක් සදහා එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් 250,000.00 බැගින් ද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කරන ලදී.

තවද මාතර දිස්ත්‍රික්කයේ වෙ‍ෙළඳුන් 10 දෙනෙකු අධිකරණවලට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂය බැගින් මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබේ.

ඒ අනුව පසුගිය දිනවල සහ අද දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වලට අදාලව පමණක් සහල් වැඩි මිලට අලෙවිකරණ ලද වෙ‍ෙළඳුන්ට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අදාළ අධිකරණ මගින් නියම කර ඇති අතර තවදුරටත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් සොයා විමර්ශන ක්‍රියාත්මක කරන බවද එම අධිකාරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න