වාහන ආනයනයට ඩොලර් බිලියනයක් වෙන් කෙරේ

වාහන ආනයනයට ඩොලර් බිලියනයක් වෙන් කෙරේ

2025 දී මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන එකක වාහන ආනයනයන කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.

ඒ අනුව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අදාළව වාහනවලින් අය කරන බදු ප්‍රමාණය එම අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය තීරණය කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මෙරටට වාහන, රත්තරන් ආනයනය නතර කිරීමට සිදුවූයේ මෙරට විදේශ විනිමය ඉපැයීම අඩුවීම නිසා ආනයන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ යෑම නිසා බවත්, වර්තමානයේ දී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් දැනට තිබෙන වාහන ප්‍රමාණය අලුත් කළ යුතු බවත් මහ බැංකුව පවසයි.

රට තුළ දැනට තිබෙන්නේ මීට වසර පහකට පෙර ආනයනය කරන ලද වාහන බැවින්, ඒවා නඩත්තුව සඳහා ද විශාල වියදම් වැය වන නිසා අලුත් වාහන ආනයනය කිරීමේ අවශ්‍යතාව පවතින බව මහ බැංකුවේ ප්‍රකාශකයෙක් කීවේය.

මෙරට විදෙස් සංචිත තවමත් හොඳ මට්ටමක නොතිබුණ ද, විදෙස් සංචිත ප්‍රමාණය ක්‍රමානුකූලව වර්ධනය කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව, ඉදිරි වසර දෙක තුළ විදෙස් සංචිත වර්ධනය කරගැනීමේ ඉලක්කයට හානියක් නොවන පරිදි වාහන ආනයනය කිරීමට කොපමණ ප්‍රමාණයක් වෙන් කළ හැකිදැයි මහ බැංකුව අධ්‍යයනය කළ බවත්, ඒ අනුව, මේ වසරේදී ඩොලර් බිලියනයක වාහන ආනයනයට අදාළව මුදල් අමාත්‍යාංශයට පුරෝකථන ලබාදුන් බවද එම බැංකුව කියයි.

විදෙස් සංචිත වැඩි කරගනිමින් ඉදිරි වසරවලදී වාහන ආනයනයට වැඩි විදෙස් සංචිත ප්‍රමාණයක් ක්‍රමානුකූලව වැඩි කරගැනීමේ හැකියාව පවතින බවත්, ඩොලර් බිලියනයක වාහන ආනයනය කිරීම සංචිත වැඩි කිරීමට, විනිමය අනුපාතය ක්‍රමානුකුලව ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවන බවද මහ බැංකුව සඳහන් කරයි.

දැනට පවතින විදේශීය සංචිත ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 6.8 කි.

(aruna | සාලිය කුමාර ගුණසේකර)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.