ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
එය මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය බව එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේය.
ලබන 31 වැනිදා වන විට ලුණු මෙට්‍රික් ටොන් 12,500ක් ආනයනයට සැලසුම් කර තිබේ.
ඉන්දියාවෙන් ලුණු ආනයනය සඳහා ආනයනකරුවන් දෙදෙනෙකුට අවසර ලබා දී තිබේ.
පසුගිය වර්ෂා සමයේදි මෙරට ලුණු ලේවායන්හි අස්වැන්නට සිදුවු බලපෑම් සැලකිල්ලට ගෙන, ලුණු ආනයනය කිරිමට රජය පියවර ගත්තේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
