Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

කෝපා කමිටුවට නව සභාපතිවරයෙක්

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්  පත් කර ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය නිකුත් කරන ඇත.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) රැස්වූ අවස්ථාවේ ඔහු එහි සභාපතිත්වයට තෝරා පත් කර ගෙන ඇත.

කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ රට දැවැන්ත මූල්‍ය අර්බුදයෙන් නිවැරදි දිශානතිය වෙත රැගෙන යාමේ අභියෝගය ජය ගැනීම සඳහා සියලු දෙනාගේම කැපවීම අපේක්ෂා කරන බවයි.

එසේම කාරක සභාවේ ඉදිරි කටයුතු ඉතා අපක්ෂපාතීව සහ ස්වාධීනව ඉටුකිරීමට අපේක්ෂා කරන බවත් නොබියව නිවැරදි තීන්දු තීරණ ගෙන ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට කිසිසේත්ම පසුබට නොවන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.