Language Switcher

Ad

Ad 01

V2025

පාර්ලිමේන්තුවේ කෑම වේලක මිල ඉහළට

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ඒ බව සඳහන් කළේය.

මේ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබේ.

තේ එකක මිල රුපියල් 200කි.

මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.