පසුගිය සැප්තැම්බර් 15 වැනි දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් කෙරුණි.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, WWW.DOENETS.LK හෝ WWW.RESULTS.EXAMS.GOV.LK යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.
විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිත කරමින් හෙට(24) සිට පාසලේ විභාග ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට පහසුකම් සලසා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.
පසුගිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 323,900 කි.
ඉන් කඩඉම් ලකුණින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51,244 ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවු බව කියන සිද්ධියක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද විභාග වුණි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියෙන් අනුතුරුව පත්කළ විශේෂඥ මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව පිළිතුරු පත්‍ර පරීක්ෂා කර බලා විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන ලෙසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
