ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී දැයෙන් සමු ගනී

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී දැයෙන් සමු ගනී

 ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) දින අභාවප්‍රාප්ත විය.

ඔහු  ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයකි.

ඒ අතර, බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය රසිකයින් අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අනිල් භාරතී මහතා, වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කළේය.

ඔහු ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලැබීය.

1970 දශකයේ මුල් භාගයේදී Golden Chimes සංගීත කණ්ඩායමේ ඉංග්‍රීසි ගායකයා ලෙස සිය සංගීත දිවිය ආරම්භ කළ අනිල් භාරතී, කණ්ඩායමේ නායක ක්ලැරන්ස් විජේවර්ධන සමඟ සුසංයෝගයෙන් කටයුතු කළේය.

“බෙත්ලෙහෙම්පුරේ”, “අදවෙයි ඉරුදින”, “රෝසී මගෙ රෝසී”, “ටිකිරිමලී”, “සීතල සඳ එළියේ””ආවා සොයිස් සොයා”, “බඹරෙකු අඳුනා”, “දස විදලා”, “හිරු උපදන විට”, “ඉසුරුමුණි”, “නුවර වැවේ”, “රෝසි මගේ රෝසි”, “සීතල සඳ එළියේ”, “සුදුවැලි පාරේ” ඇතුළු තවත් ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් 1970 සහ 1980 දශකවල සංගීත ලෝකයේ සුවිශේෂී තැනක් හිමි කර ගත්තේය.

1970 දශකයේ සිට ශ්‍රී ලංකාවේ නත්තල් ගීත ගායකයා ලෙස ප්‍රසිද්ධියට පත් වූ අනිල් භාරතී, කරුණාරත්න අබේසේකර විසින් රචනා කළ “බෙත්ලෙහෙම්පුරේ” ගීතය ගායනා කිරීමෙන් පසු මෙම කීර්තිය දිනා ගත්තේය. ක්ලැරන්ස් විජේවර්ධන විසින් සංගීතවත් කළ මෙම ගීතය Lotus සමාගම යටතේ පටිගත කෙරිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න