Language Switcher

Ad

Ad 01

V2025

රථ වාහන වැරදි හොයන්න නව උපකරණ

රථ වාහන වැරදි කළමනාකරණය කිරීම සඳහා නව මෘදුකාංගයක් යොදා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.

එම මෘදුකාංගය පොලිසිය වෙත පිරිනැමීම වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (21) පොලිස් CCTV කොට්ඨාසයේදී සිදු කෙරුණ බව වාර්තා වෙයි.

මෙම මෘදුකාංගය රථ වාහන රියදුරන්ගේ වැරදි හා අඩු පාඩු නව තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂමව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

පොලිස් CCTV කොට්ඨාසය හරහා මෙම වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙම අවස්ථාවට උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වී ඇත.