රථ වාහන වැරදි කළමනාකරණය කිරීම සඳහා නව මෘදුකාංගයක් යොදා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.
එම මෘදුකාංගය පොලිසිය වෙත පිරිනැමීම වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (21) පොලිස් CCTV කොට්ඨාසයේදී සිදු කෙරුණ බව වාර්තා වෙයි.
මෙම මෘදුකාංගය රථ වාහන රියදුරන්ගේ වැරදි හා අඩු පාඩු නව තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂමව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.
පොලිස් CCTV කොට්ඨාසය හරහා මෙම වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙම අවස්ථාවට උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
