විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට

විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා, වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිතා කර ලොරි රථයක් එකලස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කරගැනීමේ වරද මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා, හෙට (20) බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිතව ඇත.

එමෙන්ම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් විජිත් විජයමුණි ද සොයිසා විසින් මෙලෙස වෙනත් වාහනද එකලස් කිරීමක් සිදුකර ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බවද පොලීසිය පවසයි.

එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.

එහිදී ඔහු ඔහු පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න