Language Switcher

Ad

Ad 01

V2025

බීජිං නුවරදී ජනපතිව හරසරින් පිළිගනියි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) ගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක  එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන්  විසින් ජනාධිපතිවරයා පිළිගෙන ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක  ගමන් ගත් මාර්ගය දෙපස දෙරටේ ජාතික ධජවලින් සරසා තිබුණු අතර, මෙම රාජ්‍ය සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.

තවද මෙම සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.