දුම්වැටි හා මත්පැන් මිළ ඉහළට

දුම්වැටි හා මත්පැන් මිළ ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද 6 % කින් වැඩි කර තිබේ.

මුදල් අමාත්‍යාංශය ඒ බව නිවේදනය කළේ, අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත විශේෂ අරක්කු සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,244කි.

මෙරට තුළ නිෂ්පාදිත මොලෑෂස්, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා යොදා ගැනෙන මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,752ක් වේ.

මෙරට නිෂ්පාදිත විදෙස් මත්පැන් සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් සඳහා රුපියල් 7,969ක බද්දක් පනවා තිබේ.

ඒ අනුව මෙලස මධ්‍යසාර කාණ්ඩ 09ක් සඳහා අය කෙරෙන බදු අද සිට සංශෝධනය කර ඇත.

මෙම නව බදු සංශෝධනත් සමග රුපියල් 3,580ක් වූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් ඉහළ නැංවේ.

රුපියල් 3,850ක් වූ පොල් අරක්කු බෝතලයක මිල ඉහළ නැංවෙන්නේ රුපියල් 109කිනි.

එමෙන්ම පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 4,000ක්ව පැවති අතර, එහි මිල රුපියල් 109කින් ඉහළ නංවා තිබේ.

රුපියල් 4,250ක් වූ අති විශේෂ පරණ අරක්කු බෝතලයක මිල ද රුපියල් 109කින් වැඩිවනු ඇත.

මේ අතර සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් වැඩිවන අතර, සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් වැඩිවනු ඇත.

දේශීයව නිපදවන විදේශීය විස්කි බෝතලයක මිල ද රුපියල් 100කින් ඉහළ නංවා ඇත.

එමෙන්ම විදේශීය මත්පැන් වර්ග ඒවායේ සැර ප්‍රමාණය අනුව මිල ඉහළ නැංවෙනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න