එජාපයේ නව මහලේකම් වැඩ භාර ගනී

එජාපයේ නව මහලේකම් වැඩ භාර ගනී

එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස පත් වූ හිටපු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය සිය ධුරයේ වැඩ කටයුතු  සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අරඹ කළාය.

ඇයව මෙම ධුරය සඳහා පසුගියදා පත්කළේ හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහ විසිනි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට කාන්තාවක් පත් වූ පළමු අවස්ථාව ලෙස ඇය වාර්තා අතරට එක් වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළේ හිටපු මන්ත්‍රී රංගේ බණ්ඩාරයි.

මෙම අවස්ථාවට එම පක්ෂයේ ප්‍රබලයින් රැසක් එක්ව සිටියහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ සමගි ජන බලවේගය හා සාකච්ඡා පවත්වමින් කැඩී වෙන් වී ගිය පාර්ශ්වයින් එක් රැස් කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.

"මම ඒ කටයුත්ත අතහරින්නේ නෑ. මොකද සමගි ජන බලවේගය කියන්නේ අමුතු පක්ෂයක් නෙමේ එකේ හිටපු සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය.  අපි ඒ අයට විවෘත ආරාධනයක් කරනවා මොකද රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ පූර්ණ ආශිර්වාදය තියෙනවා. නායකතුමා කිසිම විදිහකට තහංචි දාලා නෑ එහෙම නම් එතුමා මාව ගන්නෙත් නෑනේ.

මේ තනතුර මට අභියෝගයක්. මොකද මේ අභියෝගය භාර ගන්න මම කැමතියි. එක අතකින් මම සන්තෝෂ වෙනවා කාලෙකට ඉස්සෙල්ලා මගේ එකම සහෝදරයා මේ නතතුර දරමින් රටේ සියලුම පාක්ෂිකයින්ගේ විශ්වාසය දිනාගෙන වැඩකටයුතු කළා. මම දැක්කේ එයා දේශපාලනය කරනවා විතරයි එතකොට ඒ ගමන් මගේ ගිහිල්ලා සියලු දෙනාම එකතු වෙලා මේ පක්ෂය ජයග්‍රහණය කරනවා කියන්නේ මේ රටේ ජයග්‍රහණය සහ රටේ ජනතාව ජයග්‍රහණය කරනවා කියන එක."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න