ලියාපදිංචි නොකළොත් ජංගම දුරකතන භාවිතය තහනම්

ලියාපදිංචි නොකළොත් ජංගම දුරකතන භාවිතය තහනම්

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවූ ජංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරටදී භාවිතය තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි.

නීති විරෝධී ආකාරයෙන් සන්නිවේදන උපකරණ මෙරටට රැගෙන ඒම වැළැක්වීම මෙහි අරමුණ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත්  පවසයි.

ජනවාරි මාසය අවසන් වන විට ඒ සඳහා විශේෂ ස්වයංක්‍රිය පද්ධතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

නිසි ප්‍රමිතියකින් තොර වූ, නීත්‍යනුකූල නොවන සන්නිවේදන උපකරණ මිල දී ගැනීමෙන් ජනතාවට අපහසුතා හා අවහිරතාවලට මුහුණදීමට සිදුව ඇති හෙයින් එවැනි උපකරණ පාරිභෝගිකයන්ට විකිණීම වැළැක්වීම කොමිෂන් සභාවේ වගකීමකි.

දැනට භාවිත කරන ජංගම දුරකතනවලට හා විදේශිකයන්ට මෙම නව වැඩපිළිවෙළ මඟින් ජංගම දුරකතන භාවිතයට අවහිරයක් සිදු නොවන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න