මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන්ට අනුකූලව අමතර උපාංග සංවිකිරීමට අදාළ ලියාපදිංචි සහතිකය ලබාගෙන ඇත්තේ බස් රථ 35ක් සහ ත්‍රිරෝද රථ 60ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
'හිරු' ප්‍රවෘත්ති සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එහි සහකාර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුජීව තෙන්නකෝන් ඒ බව සඳහන් කළේය.
“CLEAN SRI LANKA” වැඩසටහනට සමගාමීව මේ දිනවල මගී බස්රථ සහ ත්‍රිරෝද රථවල සවි කර ඇති මගී ආරක්ෂාවට බලපෑ හැකි උපාංග ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරේ.
ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව 2013 වසරේ නිකුත් කර ඇති චක්‍රලේකයට අනුවයි.
පොදු ප්‍රවාහන බස්රථ හා විනෝද චාරීකා සඳහා යොදා ගනු ලබන විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද යෝජනාවලිය 2024 /06 දරණ දෙපාර්තමේන්තු චක්‍රලේඛය මගින් ප්‍රකාශයට පත්ව ඇත.
එම චක්‍රලේඛය අනුව ත්‍රිරෝද රථවල සහ බස් රථවල අලංකරණය සඳහා අමතරව සවිකර ඇති උපාංග වෙනුවෙන් ගාස්තු ගෙවීමට අදාළ රථවාහන හිමිකරුවන්ට සිදුවනු ඇත.
ඒ අනුව,
ත්‍රිරෝද රථ නවීකරණ ගාස්තු
ඒ අනුව,
මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කීරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට රජය විසින් එකගතාව පළ වීම හේතුවෙන්, ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ බස් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම්කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති ඊයේ (08) තීරණය කළේය.
මේ අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කර සිටියේ, “CLEAN SRI LANKA” වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ මස 21 සහ 22 දින තුළ පැවැත්වීමට ද කටයුතු කරන බවයි.
hirunews
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
