“Gem Sri Lanka – 2025” ජනපතිගේ ප්‍රධානත්වයෙන්

“Gem Sri Lanka – 2025” ජනපතිගේ ප්‍රධානත්වයෙන්

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වේ.

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්‍ෂණයටද එක්වූ අතර, මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක  “Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනයේ සංවිධායක මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

මෙවර “Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 103 කින් සමන්විත අතර, මේ සඳහා දෙස් විදෙස් ගැනුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරිආරච්චි, චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති (CGJTA) මර්ජාන් ෆලීල් යන අය, තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න