නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් පොලිස්පතිට ලිපියක්

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් පොලිස්පතිට ලිපියක්

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන්නැයි ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පති වෙත ලිපියක් යවා ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී හනා ඊබ්‍රහිම් සහ එහි ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතු එම ලිපියේ සඳහන් ආකාරයට කිලිනොච්චියේ සිට මාධ්‍ය වාර්තාකරණයේ නිරත නිදහස් මාධ්‍යවේදී තමිල් චෙල්වම්ට සහ අම්පාර දිස්ත්‍රික් ජනමාධ්‍ය සංගමයේ සභාපති අචල උපේන්ද්‍රට පසුගිය දින කිහිපය ඇතුළත මැර ප්‍රහාර එල්ල වී ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබී ඇත.

එමෙන් ම මාධ්‍යවේදී තමිල් සෙල්වම්ට පහරදී ම මෙන්ම ඔහු පැහැරගැනීමට ද උත්සාහ දරා ඇති බවත්, මාධ්‍යවේදී අචල උපේන්ද්‍රට පහරදී කැමරා ආම්පන්නවලට හානි සිදු කර ඇති බවත්, එම සිද්ධිය පිටුපස වැලි ජාවාරම්කරුවන් පිරිසක් සිටින බව අචල උපේන්ද්‍ර සඳහන් කර ඇති බවත් එම ලිපියෙන් වැඩි දුරටත් අවධාරණය කර ඇත.

මතු දැක්වෙන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාර පොලිස්පති වෙත යවා ඇති ලිපිය යි.

Letter to IGP 04 01 2025 page 0001

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න