හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, චීනයේ නව ශ්වසන ආසාදන රැල්ල ශීත ඍතුවේ දී බහුලව දක්නට ලැබෙන්නක් බවයි. මෙම වෛරසයෙන් ශ්වසන අපහසුතාවල වැඩිවීමක් ඇති කළත්, එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බව හෙතෙම පවසයි.
කොවිඩ් වසංගතයෙන් පසු මිනිසුන් ශීත කාලයේදී රෝගකාරකවලට ගොදුරුවීමේ වැඩි හැකියාවක් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේ නමුත් මෙම HMPV වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බව හෙතෙම පවසයි. එහෙත් කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම විශේෂයෙන් වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් වීම වඩා වැදගත් බව ඔහු සිය ‘X’ ගිණුමේ වැඩිදුරටත් දක්වා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
