සීගිරියේදී දෙස් විදෙස් සංචාරකයන් මුහුණ දෙන ගැටලු විසඳීමට සාකච්ඡාවක්

සීගිරියේදී දෙස් විදෙස් සංචාරකයන් මුහුණ දෙන ගැටලු විසඳීමට සාකච්ඡාවක්

දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අද (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි.

මේ සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වී තිබුණි.

මෙම සාකච්ඡාවේදී ප්‍රවේශ පත්‍ර කවුළුවල දිගු පෝලිම්, ප්‍රථමාධාර ස්ථාන නොමැතිකම, ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති වීම සහ බඹර ප්‍රහාරයක දී ආරක්ෂාවීම ආදී කරුණු 15ක් සාකච්ඡා වී තිබේ.

මෙහිදී අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා පැවසුවේ දෙසැම්බර් මස අන්තිම සතිය වන විට දිනකට 11,000කට අධික සංචාරකයින් ප්‍රමාණයක් දිවයිනට පැමිණ ඇති බවත් එළැඹෙන වසරේ සංචාරකයින් ලක්ෂ 30ක් මෙරටට ගෙන්වීමට අපේක්ෂා කරන බවත් ය.

මේ හේතුවෙන් ජාතික අවශ්‍යතාවක් සේ සලකා සංචාරක කර්මාන්තය සාර්ථක කර ගැනීමට සියලු දෙනා එක් විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න