හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දක්වා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට ශෝකය පළ කර ඇත.
එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟද රනිල් වික්‍රමසිංහ මහතා කෙටි සාකච්ඡාවකට එක්ව තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මෙලෙස එක්ව තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
