සහල් ආනයනය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

සහල් ආනයනය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

 රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 ඊයේ (23) කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එම තීන්දුව ගෙන ඇත.

පසුගිය 20 වැනි දායින් අවසන් වූ සහල් ආනයන අවසර ලබන 10 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  කියා සිටී.

ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බවද වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ  පැවසීය.

ආනයනික සහල් මෙට්‍රික්ටොන් 67,000ක් පසුගිය 20 වැනි දා වනවිට දිවයිනට ලැබුණු බව රේගුව මීට පෙර සඳහන් කර තිබිණි.

ඉන් මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික්ටොන් 38500ක් නාඩු සහල් වේ.

එම සහල්වලින් රේගුව රුපියල් බිලියන 4.3ක් ආනයන බදු ලෙස අයකරගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ  සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න