මැතිවරණ කාලසීමාව සඳහා විශේෂ වැඩපිළිවෙළක්

මැතිවරණ කාලසීමාව සඳහා විශේෂ වැඩපිළිවෙළක්

පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට ද නියමිත බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි  සඳහන් ක‍රයි.

ලබන 12 වනදා සිට එම ඒකකයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව ඒ මහතා පවසයි.

ඒ අනුව මැතිවරණයට පෙර දින දෙකක් හා මැතිවරණයට පසු දින දෙකක් වන පරිදි දින 05ක කාලයක් සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලය සමග එක්ව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් පැවසුවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න