ත්‍රිපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ත්‍රිපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට කිසිදු සැලැස්මක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල් ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සහ සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

එසේ කිරීමට නව රජයේ ප්‍රතිපත්තිය හා අනුකූල නොවන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

සැප්තැම්බර් මස 27 වැනි දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් කරුණු පදනම් කරගනිමින් ජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්ති නිර්මාණය කර ඒවා ප්‍රචාරය කිරීම විවිධ පාර්ශ්වයන් උත්සහ දරමින් සිටින බව නිරීක්ෂණය වී ඇතැයි ද අමාත්‍යාංශය පෙන්වා දෙනු ලබයි.

පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් යන නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පෝෂණයෙන් පිරුණු ළමා පරපුරක් ව්‍යාපෘතිය යටතේ පෝෂදායි ආහාර, අවශ්‍යතා ඇති පවුල් සඳහා ලබාදීම රජයේ ප්‍රමුඛතාවකි.

රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායන් වැඩිදියුණු කිරීම රජයේ ප්‍රතිපත්ති රාමුව තුළ පැහැදිලිව ඇතුළත් කර තිබෙන බව ද එම නිවේදනයෙන් දැක්වේ.

ඒ අනුව, දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායිතාවයකින් යුතුව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව එම නිවේදනයෙන් අමාත්‍යාංශය පෙන්වා දෙනු ලබයි.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත් හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගනු ලබන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න