මැතිවරණයේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් 90,000ක්

මැතිවරණයේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් 90,000ක්

මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා සෘජුව හා වක්‍ර වශයෙන් ආරක්ෂක නිලධාරීන් 90,000 ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

මෙම පිරිසට සෘජුවම යොදවන පොලිස් නිලධාරීන් 63,145 ක් ,විශේෂ කාර්ය බලකා නිලධාරීන් 3200 ක් , අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් ඉවත් කෙරෙන ස්ථානවල ආරක්ෂාව සඳහා යොදන යුධහමුදා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින් 11,000 ක් සහ ජංගම මුර සංචාර සඳහා යොදවන සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 ක් ඇතුළත් වන බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි..

එමෙන්ම ජංගම මුර සංචාර 3109 ක් හා මැතිවරණයෙන් පසු ආරක්ෂාව සඳහා දිවයින පුරා මාර්ග බාධක 269 ක් හා කැරලි මර්දන කණ්ඩායම් 241 ක් යෙදවීමටද සූදානම් කර ඇති බවද සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න