Language Switcher

V2025

ලොහාන් රත්වත්තේ සහ බිරිඳ යළිත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝගය නිකුත් කර ඇත.

නීති විරෝධිව විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව ලොහාන් රත්වත්තේ  සහ ඔහුගේ බිරිඳ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරිණි.

එහිදීයි ඔවුන් ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.