පූජිත්ට සහ හේමසිරිට දුන් තීන්දුව බල රහිත කරයි

පූජිත්ට සහ හේමසිරිට දුන් තීන්දුව බල රහිත කරයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කරමින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) බලරහිත කර තිබේ.

ඒ, බුද්ධි තොරතුරු ලැබී තිබිය දී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් රාජකාරී වගකීම් පැහැර හැරීම හා අපරාධ චෝදනා යටතේ ගැනෙන වරදවල් කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධීකරණය නිකුත් කළ නියෝගයට අදාළවයි.

2022 පෙබරවාරි මස 18 වැනි දා ආදිත්‍ය පටබැඳිගේ, නාමල් බණ්ඩාර බලල්ලේ, මොහොමඩ් ඉර්සදීන් යන මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දුන්නේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන්ව පවරා තිබූ නඩු දෙකක් විභාග කරමිනි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිකරුවන් නිදහස් කරමින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් පසුව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි.

එම පෙත්සම සලකා බැලුණේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය.

නඩුව නැවත විභාගයට ගැනීම ආරම්භ කරමින් විත්ති වාචික කැඳවන ලෙස විනිසුරු මඩුල්ල මහාධිකරණයට නියෝග කළේ ය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, එම නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්ති වාචිකය කැඳවිය යුතුව තිබූ බවයි.

විත්ති වාචික කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීම නීතියට පටහැනි නියෝගයක් බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝගය ලබා දුන්නේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න