ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ,  රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට ලැබී තිබුණු තොරතුරක් අනුවය.

අදාළ තොරතුරු අනුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පසුව අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කර තිබුණි.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී තිබුණේ, හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා සති 03කට පෙර අදාළ රථය සිය නිවෙසේ ගරාජයට ගෙනවිත් දැමූ බවටය.

ලියාපදිංචි අංක තහඩු සහ යතුරු නොමැති සුඛෝපභෝගී මෝටර් රථය මිරිහාන පොලීසිය වෙත රැගෙන යෑමට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න